ඇල්ල බල්ලකෙටුව දොඩම්ගොල්ල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝර දොලහේ තුවක්කුවක් නිවසේ සගවා ගෙන සිටි අයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. තම නිවසේ සගවා තිබියදී පොලිසියට ලැබුනු තොරතුරකු මත ගිණි අවිය සමග පනස් හය හැවිරිදි සැකකරු අත්අඩංගුවට පත්වී තිබේ. සිද්ධිය සම්බන්ධව ඇල්ල පොලිසිය පරික්ෂණ පවත්වති. ( කරුණාරත්න පල්ලේගම )
Read More »අලෙවිය සදහා ගංජා වේලමින් සිටි තරුණයා කොටු වෙයි
වැල්ලවාය කම්මානන්කන්ද රක්ෂිතයේ අලෙවිය සදහා ගංජා වේලමින් සිටි තරුණයෙකු ගංජා කිලෝ 57 ක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. විසිදෙවන වියේ පසුවන සැකකරු රක්ෂිතයේ ගංජා වගා කර අලෙවිය සදහා ගල් තලාවක ගංජා වේලමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. කොස්ලන්ද පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි. ...
Read More »ඌව පළාත් සභාවේ බල පෙරළියක්ද ?
ඌව පළාත් සභාව නියෝජනය කරනු ලබන කිරුළපන පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී වරුන් හට පක්ෂය මගින් විනය පරික්ෂණයක් පැවැත්වුවහොත් ඌව පළාත් සභාවේ බල පෙරළියක් සිදුවිය හැකි බැව් දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඌව පළාත් සභාව මන්ත්‍රී වරුන් 34 දෙනෙකුගෙන් සමන්විත වන අතර ...
Read More »මහියංගනයට විශේෂ පොලිස් ආරක්ෂාවක් _ කැරළි මර්ධන ඒකකයද කැදවයි
මහියංගනය නගරය හා අවට ප්‍රදේශයේ ආරක්ෂාව සදහා ප්‍රදේශයේ පොලිසි තුනක නිළධාරින් හා පොලිස් කැරළි මර්ධන ඒකක දෙකක්ද කැදවා තිබේ. පසුගිය වෙසක් පොහොය දින දඹගල්ල ප්‍රදේශයේ බෞද්ධ කොඩි සහ වෙසක් කූඩු මහියංගන පගරගම්මන ප්‍රදේශයේ තරුණයන් අට දෙනෙකු රාත්‍රියේ ගිණි තබා විනාශ කිරීම පිළිබද සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ...
Read More »ගමන එපා වූ ලොරි රථය පවුලේ අය රෝහලට යවයි ( Photos )
බදුල්ල සිට කැප්පෙටිපොල දක්වා ධාවන වූ කුඩා ලොරි රථයක් ( අද 23 දා ) වැලිමඩ නුවරඑළිය මාර්ගයේ නුගතලාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක ගැටීම හේතුවෙන් තුවාල ලැබූ එකම පවුලේ තිදෙනෙක් රෝහල් ගත කර තිබේ. බදුල්ල මුතියංගනය විහාරස්ථානයේ පැවැත්වෙන පිංකමකට සහභාගී වී නැවත පැමිනෙමින් සිට එකම පවුලේ මව , පියා ...
Read More »මහියංගනයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිණි තැබූ අට දෙනෙකු අල්ලයි ( photos)
වෙසක් පොහොය දින රාත්‍රියේ මහියංගනය දඹගොල්ල ගම්මානයේ වෙසක් සැරසිළි ලෙස තිබූ බෞද්ධ කොඩි සහ වෙසක් කූඩු ගිණි තැබූ තරුණයින් අට දෙනෙකු මහියංගනය පොලිසිය මගින් ලැබුණු පැමිණිල්ලක් මත සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 22 වන දින පැවැත්වීමට නියමිත සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාවක් සදහා ප්‍රදේශයේ තරුණ සංවිධානයක සාමාජිකයින් පිරිසක් පිරිත් මණ්ඩපයක් සකසමින් සිට ...
Read More »චාමිකගෙන් අවතැන් 5000 කට ආහාර පාර්සල් ( Photos )
බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස මහතා හිතවතුන්ගේද සහයෝගය ඇතිව ගං වතුරෙන් අවතැන් වූ කඩුවෙල හා බියගම ප්‍රදේශයේ ජනතාව වෙත ආහාර පාර්සල් බෙදා දීම සිදුවිය. මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Read More »වැලිමඩ මාධ්‍ය වේදියෝ ගව අභය දානයක ( Photos)
වෙසක් පුන් පොහොය නිමිති කර ගෙන වැලිමඩ මාධ්‍ය වේදින්ගේ සංගමය හා සංවිධායක එස්.බී. රත්නායක මහතා එක්ව පැවැත්වූ මරණයට කැපවූ ගවයින් සිව් දෙනෙකුට අභය දානය ලබා දීමේ වැඩසටහනක් කැප්පෙටිපොල නගරයේදී පැවැත්විනි. මෙහිදී රුපියල් ලක්ෂයක් පමණ වටිනා කිරි ගවයන් සිව් දෙනෙකු කිරි ගොවීන් හට ඇති දැඩි කිරීමට ලබා දෙන ලදී. ( ප්‍රේමලාල් ...
Read More »දන්සැල් නවතා ලක්ෂ 14 ක ආධාර අවතැන් වූවන්ට (photos)
වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෙසක් දන්සැල් රැසක් නවතා ලැබුණු ආධාර ගං වතුරෙන් හා නාය යෑමෙන් අවතැන් වූවන්ට ගෙන ගොස් භාර දීමට කටයුතු යොදා තිබේ. වියළි ආහාර වර්ග , ඖෂධ හා ඇදුම් පැලදුම් මෙම ආධාර වලට අයත් වූ අතර වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සංවිධානය කර ...
Read More »තෙමගුල අර්ථවත් කරමින් අවතැන් වූවන්ට පිහිට වෙමු _ නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමි ( vedio)
සම්බුදු තෙමගුල අර්ථවත් කරමින් නාය යෑමෙන් හා ජල ගැලීම් වලින් විපතට පත්වූවන්ට පිහිට වීමට සෑම බෞද්ධයෙක්ම කටයුතු කල යුතුව ඇතැයි උඩරට අමරපුර නිකායේ වැඩ බලන මහ නායක නුවරඑළියේ චන්ද්‍රජෝති නා හිමියන් බදුල්ල නිවුස් වෙත ප්‍රකාශ කලේය. මේ වන විට මහා සංඝරත්නය පිංඩපාත චාරිකාවේ නිරත වෙමින් අවතැන් වූවන්ට ආධාර එකතු කරන ...
Read More »