Home / Uncategorized (page 20)

Uncategorized

කැඩෙට් නිලධාරියාගේ සිරුර වසර දෙකකට පසු ගොඩ ගනී

දියතලාව යුද හමුදා කඳවුරේදී ගෙල වැළලාගෙන මිය ගියැයි යුද හමුදාවෙන් කී ආධුනික කැඩෙට් නිලධාරියාගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා වසර දෙකකට පසු ලබන සඳුදා (13) යළි ගොඩ ගන්නා බව රහස් පොලිසිය කියයි. කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, අධිකරණ වෛද්‍ය විශේෂඥ එම් පී හේවගේ සහ රාගම අධිකරණ වෛද්‍ය විශේෂඥ ...

Read More »

හල්දුම්මුල්ලේ ඉඩම් බලෙන් අත්පත් කරගනිති

ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවට අයත් හල්දුම්මුල්ල කැලිපානාවෙල ඔක්ෆිල්ඩි වත්තේ අක්කර 30 ක් පමණ කිසියම් පිරිසක් විසින් බලෙන් අත්පත් කරගෙන ඇතැයි ද කැලැ කපා හෙලිකර ඇතැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. මෙම ඉඩම් ඇල්ලිම සදහා ප්‍රාදේශිය දේශපාලකයන්ගේ හා ඇතැම් රජයේ නිලධාරින්ගේ සහය ඉඩම් කොල්ලකරුවන්ට ලැබෙන බවට තොරතුරු ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ...

Read More »

ඔප්පු බෙදන උත්සවයට ලක්ෂ 105 ක් ඌව පළාත් සභාවෙන් වැය කිරීම සාධාරණද? _ සමන්ත විද්‍යාරත්න

මාර්තු මස 13 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය ප්‍රදේශයේ පැවැත්වීම නියමිත ඔප්පු බෙදා දීමේ උත්සවය සදහා ඌව පළාත් සභාව මගින් රුපියල් එක්කෝටි පන්ලක්ෂ දස දහසක මුදලක් වැය කිරීම මූල්‍ය අර්බුදයක් පවතින අවස්තාවක රටකට සාධාරනදැයි ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රශ්ණ කර සිටි. මෙම උත්සවය ...

Read More »

වැලිමඩ ප්‍රධාන බස් නැවතුම් පොල ඇතුලත රථ ගාලක්ද ? ( photos )

වැලිමඩ ප්‍රධාන බස් නැවතුම් පොලෙහි ඇතුලත රථ වාහන ගාල් කිරීම නිසා මගී ජනතාව දැඩි අපහසු තාවයට පත්ව තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ බස් නැවතුම්පොල ඇතුලත යතුරුපැදි හා ත්‍රි රෝද රථ ගාල්කරන ස්ථානයක් බවට පත්ව ඇති බව පවසන මගී ජනතාව මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති. බස් නැවතුම්පොලේ යට කොටසෙහි ...

Read More »

හැට පහේ සීයා වයස 15 දැරිය ගැබිණියක් කරයි

වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ පහලොස් හැවිරිදි දැරියක් ගැබිණියක් කල හැටපස් හැවිරිදි පුද්ගලයෙකු සොයා පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ. ගුරුතලාව ප්‍රදේශවාසියෙකු වූ හැටපස් හැවිරිදි මුස්ලිම් ජාතික සැකකරු දැරියගේ ඥාතියෙකු වන අතර දැරියගේ නිවසට පැමිණ දැරියගේ මව නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී මෙම අතවරය සිදුකර ඇතැයි අදාල දැරියගේ මව වැලිමඩ පොලිසියට කල පැමිණිල්ලේ සදහන් ...

Read More »

රිය අනතුරින් තරුණයා මරුට (Photos )

වැලිමඩ කැප්පෙටිපොල මාර්ගයේ පරණ උසාවිය අසලදී ඊයේ රාත්‍රියේ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් 19 හැවිරිදි යතුරු පැදිය පැදවූ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කැප්පෙටිපොල කරගස්වගුර ප්‍රදේශයේ තරුණයකි. කැප්පෙටිපොල ප්‍රදේශයේ සිට වැලිමඩ දෙසට තේ දළු පටවාගෙන පැමිනි ලොරි රථයක වැලිමඩ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. ලොරි ...

Read More »

ඌවේ ගොවීන් ගෝවා කැති ගායි (Photos )

මේ වන විට වැලිමඩ සානුවේ ගෝවා ගොවීන් ගෝවා අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව වගා බිම් තුලම කපා විනාශයට පත් කරයි. ගොවීන් සදහන් කරනුයේ රුපියල් පහකටවත් අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.සුළු මුදලකට ගෝවා අලෙවි කරනවාට වඩා මෙසේ වගා බිම් තුලම විනාශ කිරීම තමන්ට ලාභදායක බව ඔවුහු කියයි. ( ...

Read More »

බිබිලිගමුවෙන් මහ පොලොවට එකතු වූ කෘෂි රසායන ඇතුළු අපද්‍රව්‍ය රැසක් ගොඩ ගනී (Photos)

බිබිලිගමුව ගම්මානයේ දශක ගණනාවක් තිස්සේ කෘෂි රසායන භාවිතා කර උඩරට එළවළු හා අර්තාපල් වගා කර ගොවීන් විසින් අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කරන ලද කෘෂි රසායන ඇතුළු අපද්‍රව්‍ය ලොරි ගණනක් දින දෙකක ශ්‍රමදානයකින් පසුව ප්‍රදේශවාසීන් විසින් ඉවත් කරන ලදී. බිබිලිගමුව අවමංගල්‍යාධාර සමිතිය සංවිධානයෙන් පැවති මෙම වැඩසටහනට ප්‍රදේශවාසීන්ගෙන් මූලිකත්වයෙන් මහා සංඝරත්නය , ...

Read More »

කැප්පෙටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ගොවි හරසර (Photos)

දශක ගණනාවක් ගොවිතැනින් රට ස්වයං පෝෂිත කර දැනට ජීවිතයේ සැදෑ සමය ගෙවන කැප්පෙටිපොල ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ගොවීන්හට උපහාර පිදිමේ උත්සවයක් කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී පැවැත්වින. කැප්පෙටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීීය නිළධාරි ජයතිලක මහතාගේ උපදෙස් පරිදි මධ්‍යස්ථානයට අනුයුක්ත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරි වරුන් ඇතුළු පිරිස මෙම උත්සය සංවිධානය ...

Read More »

බෝගහකුඹුර හා අඹගස්දෝව පොලිසි විවෘත කරන්නේ කවදාද ?

වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ සහ ඌව පරණගම අඹගස්දෝව ප්‍රදේශයේ ඉදිකල නව පොලිස් ස්ථාන විවෘත කිරීම දිනෙන් දින කල් යෑම හේතුවෙන් ජනතාව මෙන්ම ඒවාට අනුයුක්ත කර සිටින නිළධාරින්ද දැඩි අපහසු තාවයට පත්ව සිටී. මෙම පොලිස් ස්ථාන ඉදිකර නිළධාරින්ද අනුයුක්ත කර විවෘත කිරීම පොලිස් ඉහල බලධාරින්ගේ දින නොමැති කමින් දිනෙන් දින කල් ගත ...

Read More »