Home / Stories (page 7)

Stories

තියුණු ආයුධ සමග සැකකරුවන් පිරිසක්

විවිධාකාරයේ තියුණු ආයුධ රැසක් සමග ලොරි රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් 11දෙනෙකු ඊයේ (17 ) රාත්‍රියේදී අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය කටයුතු කර ඇත. සැකකරුවන් හල්දුම්මුල්ල,අම්බලන්ගොඩ,දියතලාව,බණ්ඩාරවෙල,කුලියාපිටිය හා සොරගුණේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම ලොරි රථය හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා ගමන්කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.     ඡයාරූප – ප්‍රසන්න ...

Read More »

බදුල්ලෙන් හා මහියංගණෙන් පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි.

මහියංගණය හා බදුල්ල යන ප්‍රාදේශීය සභා දෙක සදහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ විසින් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වී ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ පාලත් පාලන අයාතන 11 සදහා නාමයෝජනා 51 අතරින් නාමයෝජනා 3ක් ප්‍රතික්ෂේප වූ අතර ඉන් අනෙක් ප්‍රතික්ෂේප වීම සිදුව ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් විසින් ඉදිරිපත් කල නාමයෝජනායි. කෙසේ වෙතත් ...

Read More »

බදුල්ලේ ආපදාවට ලක්වූවන් වෙනුවෙන් විනීතිගම ජනපදයේ රැදවුම් මද්‍යස්ථානයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ  හා බදුල්ල අවට ප්‍රදේශවල ස්වභාවික ආපදාවන් හේතුවෙන් අවතැන් වන ජනතාවගේ  සදහා බදුල්ලේ විනීතගම ජනපදයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකල බව  ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වාර්ථා සදහන් කරයි.  අවතැන් වන ජනතාවට රජයේ ආධාරය ලබා දීමේ කෙටි කාලීන උපාය මාර්ගයක් හැටියට පවත්වා ගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරනු ...

Read More »

අධික වර්ෂාවෙන් බදුල්ල කොළඹ මාර්ගයේ ගිලා බැසීමක්

දින කිහිපයක සිට බදුල්ල ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේදී (01) බදුල්ල කොළඹ මාර්ගයේ කිරිදිගල ප්‍රදේශයේදී මාර්ගයේ ගිලා බැසීමක් සිදුවිය. බලංගොඩ සිට බදුල්ල දක්වා ගමන් කිරීමේ දී මෙම ප්‍රදේශය අවදානම් සහිත බැවින් මාර්ගයේ එක්පසක් වසා ඇති අතර එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට ඉතාමත් ප්‍රවේශමෙන් රිය  පදවන ලෙසත් පොලීසිය දන්වා ...

Read More »

අයහපත් කාලගුණය තවත් ජිවිතයක් තලවකැලේදි බිලිගනී !

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවෙ රියපැදවිම ගැන වඩාත් අවධානය යොමුකල යුතුව තිබේ.මේ නිසාම රථවාහන පොලිසිය මේ දිනවල නිතරම පවසමින් සිටින්නේ පාරවල් ලිස්සන සුළු බැවින් කල්පනාකාරි ලෙසින් රියපැදවිම අත්‍යවශ්‍ය බවය. මේ තත්වය වංගු සහිත වු මාර්ග රැසක් ඇති කඳුකරයේදි රියදුරන් තවත් පරිස්සම් විය යුුතුව තිබේ. අද උදෑසන තලවාකැලේ ප්‍රදේශයේදි සිදුව ඇති ...

Read More »

වැස්සත් පෑව්වත් වතුර නැති මහියංගනයේ ජලසම්පාදනය

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් මහියංගන ජලසම්පාදනය ඒකකය මගින් මහියංගන නගරයට හා ඒ අවට ගම්මාන රැසකට දින 3ක් තිස්සේ ජලය ලබා නොදීම හේතුවෙන් ප්‍රදේශවාසින් දැඩි අපසහුතාවයට ලක්වසිටින බව  වාර්ථා වේ.මේ හේතුවෙන් නගරයේ ආහාරපාන සපයන ආපනශාලා,මහියංගනය ජාතික පාසල,මහියංගනය මූලික රෝහල, පොලිසිය, හා මහියංගන නගරයේ රාජ්‍ය ආයතනද  තමන්ගේ දෛනික කටයුතු කරගෙනයාමට  ...

Read More »

ප්‍රවාහන ගැටළු සහසර අනුව විසඳන්න ජනපති නියම කරයි !

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ ගැටළුවලට විසඳුමක් ලෙස ජනාධිපති කාර්යාලයට අනුබද්ධිත සෙමා ආයතනය සහ මධ්‍යම පලාත් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ සහසර නියමු ව්‍යාපෘතිය ඉතා සාර්ථකවීම නිසා එය මුළුදිවයින පුරාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට හා ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස්දී ඇතැයි වාර්තා වේ.  සහසර ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබුවේ ...

Read More »

තිරසර ලංකා ජාතික මංගල්‍යයේ අවසන් දිනය අදයි

තිරසර අනාගත ශ්‍රීලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් විවෘත වූ තිරසර ජාතික මංගල්‍යය , හා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. පසුගිය මාර්තු 31 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලා භූමියේදී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සදහා ඊයේ (30) වනදා වන විට ලක්ෂ 40කට වැඩි ජනකායක් සහභාගී වී තිඛේ. රාජ්‍ය ...

Read More »

තිරසර ලංකා BMICH සුදානම ගැන මාධ්‍ය ප්‍රධානීන් සොයාබලයි

මාර්තු මස 31 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ  පැවැත්වෙන “තිරසර ලංකා “ ජාතික මංගල්‍යයට එම භූමියේ සූදානම සම්බන්ධයෙන් සොයා බැලීමක් අද (27) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් විසින් සිදු කළේය. මෙම නිරීක්ෂණ චාරිකාවට ජාතික හා පෞද්ගලික නාලිකා ප්‍රධානින් සම්බන්ධ වූ අතර ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී ධර්මශ්‍රී ඒකනායක ...

Read More »

ජනතා ආකර්ශනය දිනාගත් වැලිමඩ පොදු වැසිකිළිය (Photos )

පොදු වැසිකිළියක් සිහිවන විට බොහෝවිට ඇතිවන්නේ අප්‍රසන්න හැගීමකි. ඒ හැගීම ඇති වන්නේ ශ්‍රී ලංකාවේ පොදු වැසිකිළිවල පවතින අප්‍රසන්න භාවය නිසාය. නමුත් වැලිමඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොලේ පිහිටි වැසිකිළිය එහි පවතින අලංකාර හා පිරිසිදු භාවය නිසාම ජනතාවගේ ආකර්ශනය දිනා ගෙන තිබේ. එහි ඉදිරිපස අලංකාර ලෙස මල් වලින් සරසා තිබෙන අතර ...

Read More »