Home / mithilaya (page 3)

mithilaya

පසුගිය මාස 11 තුල මාර්ග අනතුරු වලින් 2590ක් ජීවිතක්ෂයට

පසුගිය මාස 11 තුලදී පමණක් මාර්ග අනතුරු 2481 හේතුවෙන් පුද්ගලයන් 2590 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව පවසයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සදහන් කර සිටියේ යතුරු පැදි හා පදිකයන් අතර සිදුවන අනතුරු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. එහිදී ...

Read More »

26වනදා සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

සිය වැටුප් ගැටළුවට තවදුරටත් විසදුම් ලබානොදීමට විරෝධධය දැක්වීමක් වශයෙන් දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් එළඹෙන 26 වනදා දක්වා දින දෙකක වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. ඔවුන්ගේ මෙම තීරණය මේ වන විට ජනාධිපති සිරිසේන මහතා වෙත ලිපියකින් දැනුම් දී ඇතැයිද දුම්රිය සංගම් පවසයි.

Read More »

වන අලීන් දුම්රියේ ගැටීම වැළැක්වීමට SMS සේවාවාක්

මෙරට දුම්රිය මාර්ග ආශ්‍රිතව සැරිසරන අලි රංචු පිලිබදව දැනුම්දීම සදහා SMS අංකයක් හදුන්වා දීමට ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මෙම වැඩපිළිවෙල හදුන්වාදීමේ අවස්ථාවේදී දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඩිලන්ත මහතා සදහන් කලේ අලින් දුම්රියේ ගැටීම 100% නතර කල නොහැකි වූවත් එවැනි අවස්ථාවන් අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. SMS ...

Read More »

උත්සව සමය වෙනුවෙන් කොළඹ සිට බදුල්ලට විශේෂ දුම්රිය සේවාවක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවත් කොළඹ කොටුව හා බදුල්ල අතර ආරම්භ වී තිබේ. එම දුම්රිය සේවාව ලබන මස 5වනදා දක්වා ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කරයි. උදෑසන 7.30ට විශේෂ දුම්රියක් කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ගමන් කර අතර දවසක් හැර දවසක් බදුල්ලෙන් කොළඹ කොටුව දක්වා දුම්රිය ...

Read More »

ජංගම දුරකථනයෙන් සා.පෙ ලියූ අයදුම්කරුවෙක් අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලිවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කල පුද්ගලික අයදුම්කරුවෙකු හා ඔහුට පිළිතුරු එවූ උපකාරක පන්ති ගුරුවරියක ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත. මෙම අයදුම්කරු බලන්ගොඩ දෙපැලමුල්ල  ප්‍රදේශයේ  පදිංචිකරුවෙක්  වන අතර  සැකකාර ගුරුවරිය  බලන්ගොඩ  රාස්සගල පදිංචිකාරියක්  වනබව  පොලිසිය පවසයි.

Read More »

2019 වසරේ ගෝලීය දේශගුණ අවදානම් දර්ශකයේ දෙවන තැන ශ්‍රී ලංකාවට

2019 වසරේ ගෝලීය දේශගුණ දර්ශකයේ,වසර 1998 සිට මේ දක්වා එනම් වසර 20ක් තුල වැඩිම දේශගුණික ආන්තික (extreme weather )කාලගුණික තත්වයන්ට මුහුණ දුන් රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇත. දිගු කාලීන දේශගුණික අවදානම් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව හා Puerto Rico යන රටවල් වැඩිම අවදානම් සහිත  රටවල් ද්විත්වය වශයෙන් දර්ශකයේ ඉදිරියෙන්ම සිටී. ...

Read More »

කූඹියෝ රචකයා සොයාගැනීමට පොලීසිය මහජන සහය පතයි.

වැලිකඩ පොලිස් වසමේ අංක 63,නාවල,රාජගිරිය ලිපිනයේ කුලී නිවසක පදිංචිව සිටි ජයලත් ආරච්චිලාෙග් දොන් සමිත සාගර චන්ද්‍රසිරි ඉකුත් ඔක්තෝබර් 24 වනදා සිට අතුරුදහන්ව සිටී. මේ වන තෙක් ඔහුව සොයාගැනීමට පොලිසියට නුපුළුවන් වීම හේතුවෙන් ඔහු ගැන දන්නා අයෙක් වී නම් 0112862522 දුරකථන අංකයට හෝ 0718591650 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය ...

Read More »

අතිකාල දීමනා නොගෙවීමෙන් ඌව පළාතේ සෞඛ්‍ය සේවය අඩපණවීමේ අවදානමක්

ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන්,අතුරු වෛද්‍යවරුන්,හෙද නිලධාරීන්,පරිපූරක හා කනිෂ්ඨ කාර්යමණ්ඩලයට මේ වසරේ නොවැම්බර් මාසයේදී අතිකාල දීමනා නොගවෙීම හේතුවෙන් සියළුම රෝහල් වල සෞඛ්‍ය නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවී ඇතැයි වාර්ථා වෙයි. ඌව පළාත් සභාවේ පළාත් භාණ්ඩාගාරයෙන් මෙම අතිකාල දීමනා ගෙවීම සදහා මුදල් ලබාදී නැති බවත් මාසික වැටුප් ගෙවීම සදහා ...

Read More »

ජනතාවට ඇත්ත කියනු ! බොරු කියන මාධ්‍ය ආයතනවලට එරෙහිව ජනතාව පෙළගැසෙති!

ජනපති සිරිසේනගෙත් රජපක්ෂලාත් එක්ව රට අනතුරේ හෙළමින් දියත් කර ඇති කුමන්ත්‍රණය හා එක්ව රාජ්‍ය මාධ්‍ය ආයතන දිගින් දිගටම ජනතාවට බොරු කියමින් සිටිම අභියෝගයට ලක්කරමින් ඒ ඒ ආයතන ඉදිරිපිට විරෝධ දැක්විමට ඇත්ත අගයන සැමට ඇරයුම් කර සිටින බව මාධ්‍ය ක්‍රියාකාරිහු පවසා සිටිති. ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ ( නොවැ 28 ...

Read More »

1817-1818 දී පැවති ඌව වෙල්ලස්ස විමුක්ති සටනට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක්

1817-1818 දී පැවති ඌව වෙල්ලස්ස විමුක්ති සටනට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් 26 දින වැලිමඩ කැප්පෙටිපොළ මහ විදුහලේදී පැවැත්වීය. පළාත් සභාව සංවිධානය කළ ඌව වෙල්ලස්ස විමුක්ති සටනේ දෙසීයවස් සැමරුම් උත්සවයේදී සටනට මුලිකත්වය ගෙන කටයුතු කළ කැප්පෙටිපොල විදුහලේ තිබෙන මොණරවිළ වීර කැප්පෙටිපොල විරුවන්ගේ පිළිරුවට ආරාධිත අමුත්තන් ඇතුලු පිරිස පුෂ්පෝහාර දැක්වීය. ...

Read More »