ඇල්ල අඹගොල්ලපතන ප්‍රාදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී විදුලි සැර වැදී ඉන්පසු ගිනි ඇවිලී 74 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් ජීවිතක්ෂයට පත්වීමේ කනගාටුදායක සිදුවීඹක් සිදුව ඇති බව ඇල්ල පොලිසිය කියයි. මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඇල්ල අඹගොල්ලපතන පස්සර පාර පදිංචිව සිටි ඒ එම් සුමනා අත්තනායක නමැති විශ්‍රාමික ගුරුවරියකි. විදුලි සැර වැදීමට හේතුව මෙතෙක් අනාවරණය වී ...
Read More »එලවළු ලොරිය අඩි 100ක් ප්‍රපාතයට
බණ්ඩාරවෙල සිට ඇල්ල හරහා බදුරලිය දක්වා එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ඇල්ල 17 කණුව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්ල පොලිසිය කියයි. පෙරළී ගිය ලොරියේ සිරවී සිටි රියදුරු පැයක පමණ මෙහෙයුමකින් පොලිසිය හා ප්‍රදේශවාසීන් සමඟ ...
Read More »යතුරුපැදිය ගවයාගේ ගැටී යතුරුපැදිකරු මරුට
කතරගම මයිලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටියදී කතරගම දෙටගමුව ප්‍රදේශයේදී යතුරුපැදිය එළ ගවයෙකු හා ගැටීම නිසා බරපතල තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කතරගම සෙල්ල කතරගම මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ පදිංචි එදිරිසිංහ ...
Read More »ගින්නකින් නිල්ගල රක්ෂිතයේ අක්කර 100 ක් විනාශයි
බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය වන ප්‍රදේශය අද (13) උදේ සුළග සමග ඇති ගින්නක් පැය තුනකට පසු නිවී යද්දී අක්කර සිය ගණනක වනයේ යටි රෝපණය දැවී ගොස් තිබු වන නිලධාරීහු පවසති. බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ,බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු ...
Read More »මන්ත්‍රීධූරය අත්හිටුවීමට එරෙහිව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් විරෝධතාවක
සිය මන්ත්‍රීධූර අත්හිටුවීම නීති විරෝධී බව පවසමින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්රීවරන් දෙදෙනෙකු විරෝධතාවයක නිරත විය. එසේ විරෝධතාවයේ නිරත වූයේ සුරංජිත් අමරවංශ මහතා (එ.ජා.ප.) සහ අසංක සල්ගාදු මහතා (එ.ජා ප. )ය. ඔවුන් විරෝධතා පුවරු රැගෙන හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා ගේට්ටුව අසල සිට පාගමනින් හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව දක්වා පැමිණියහ. පසුගිය මස 12 දින ...
Read More »ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවයි
ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවු බව ඌව පළාත් ප්‍රධාන ලේකම්, පී.බී විජයරත්න මහතා අද (19) පවසීය. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන දින දක්වා ඌව පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි පළාත් ප්‍රධාන ලේකම්වරයා කීය. ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති ...
Read More »අත්හිට වූ බදුල්ල මහ නගර සභාව යළි සක්‍රිය කෙරේ
ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටුවා තිබූ බදුල්ල මහා නගර සභාවේ කටයුතු අද (30) සිට යළි සක්‍රීය වෙයි. ඒ සඳහා වන ගැසට් පත්‍රය ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් ඊයේ (29දා) රාත්‍රි නිකුත් කළ බව ඌව ආණ්ඩුකාර ලේකම් මංගල විජේනායක පැවසීය. ඒ අනුව මෙතක් විශේෂ කොමසාරිස් පාලනයට යටත් කර තිබූ මහ නගර ...
Read More »ලුණුගල ජංගම වෙළෙඳ බලපත් අලුතින් නිකුත් කරයි
ජංගම වෙළද රථ මගින් පාරිභෝගිකයන් ගේ නිවෙස් අසළට ගොස් අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය විකිණීම සඳහා ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබූ බලපත් සියල්ල අවලංගුකරිමට පියවර ගත් බව ලුනුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායකක මහතා පැවසීය . මෙම බලපත් ලැබූ රථ වාහන හා ත්‍රිරෝද රථ හිමියන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට ලබාදුන් බලපත්‍රය ...
Read More »බදුල්ල බන්ධනාගාරයෙන් තවත් අසාදිතයින් 19 ක්
බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 19දෙනෙකු අද (4) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් හදුනා ගනු ලැබූ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි . මීට දින කීපයකට පෙර බදුල්ල බන්ධනාගාරයේ රැදවියන් පිරිසකට සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 5දෙනෙකු හදුනාගැනීමත් සමග ...
Read More »එකම බසයෙන් ගිය ඇගළුම් සේවිකාවන් 18 කට කොවිඩ්
හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පිටරත්මලේ , තොටලාගල හා දඹේතැන්න යන තේ වතු වල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණ වලදී අද (3) දා තහවුරු වූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි . බලංගොඩ , ඇගම් කම්හලක සේවයක කරන මේ පිරිස ...
Read More »