වැලිමඩ සදහම් කිරණ බෞද්ධ සමිතිය මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද මහා පිණ්ඩපාත චාරිකාව වැලිමඩ නගරයේදී පැවැත්වීය.
මහා සංඝරත්නය හැටපස්නමකට අධික පිරිසක් මෙයට එක්ව සිටි අතර ප්‍රධානත්වය දැරුවේ උඩරට අමරපුර නිකායේ වැඩ බලන මහා නායක නුවරඑලියේ චන්ද්‍රජෝති හිමියන් විසිනි.
පිණ්ඩපාත චාරිකාවෙන් ලැබුණු ද්‍රව්‍ය ආධාර වලින් කොටසක් ගං වතුරෙන් හා නාය යෑම් වලින් විපතට පත් අයට ලබා දීමද මෙහි ඇති විශේෂත්වයකි.