මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හදිසි ආපදා තත්වයක් ඇතිවිය හැකි බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ වන විට හදිසි ආපදා තත්වයනට මුහුණ දී සදහා ආරක්ෂක අංශද සීරුවෙන් තබා සිටී. ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගල් සහ ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය කරන්නේ එක් මංතීරුවකය. ප්‍රදේශයේ ගංගා ඇළ දොළ වල ජල මට්ටමද ඉහල නැග ඇත.
පොලිසිය මැදිහත්වී පස්කදු මාර්ග වලට කඩා වැටී ඇති ස්ථාන වලින් ඉවත් කිරීමට දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දැක ගත හැකිය. මාර්ග වල රථ වාහන ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.
( චන්දික සෝමරත්න )