මහියංගනය දඹාන වතු යායේ හැට දෙහැවිරිදි පුද්ගලයෙකු තම පුතා විසින් කැත්තකින් පහර දී ඝාතනය කර තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ දඹාන වතු යාය ප්රදේශයේ පදිංචි එච්.එම්.ගුණතිලක නැමැත්තෙකි. හේනේ පැල් රැක නිවසට පැමිණ ඇති සැකකරු නිවසේ සිටි තම පියාගේ ගෙලට කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ.
තිස් දෙවන වියේ පසු වන සැකකරු මහියංගන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.
( රංජිත් කරුණාවීර )