Home / Uncategorized / ඉංධන හලේ මුදල් අරන් කළමණාකරු පනී

ඉංධන හලේ මුදල් අරන් කළමණාකරු පනී

ඌව පරණගම දකුණ ඉංධන පිරවුම් හලේ රුපියල් 1701725.00 ක මුදලක් වංචා කර එම පිරවුම් හලේ කළමණාකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි වාර්තා වේ.

දින තුනක් තුල ඉංධන පිරවුම් හලේ මුදල් බැංකු ගත නොකර මෙලෙස එම මුදල් ද රැගෙන ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඌව පරණගම විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරි වරයා විසින් බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයට මේබව පැමිණිලි කර ඇත.

බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇත.

( ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *