ලුණුගල මුස්ලිම් විදුහලට ඊයේ සවස තාප්පයක් කඩා වැටීමෙන් විදුහලට දැඩි හානි සිදුව ඇති අතර පාසල් ළමුන් 16 ක් රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
එසේ තුවාල ලබා ඇත්තේ පාසලේ පැවති උපකාරක පංතියකට සහභාගී වූ ළමුන් පිරිසකි.ඉන් සිවු දෙනෙක් බරපතල තත්වයක පසුවීම නිසා බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි කියයි.