මූල්‍ය චෝදනා එල්ල වී ඇති ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව අවශ්‍ය සාක්ෂි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම හමුවේ සාක්ෂි කැදවූ වහාම තමන් ලබා දීමට සුදානම් බැවි ජවිපේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා BADULLA NEWS වෙත පැවසීය.
පැවති රූපවාහිනි විවාදයේදී ද තමන් පෞද්ගලික ගිණුමක මුදල් තැම්පත් කල බව ප්‍රධාන අමාත්‍ය වරයා පිළිගත් බව පැවසූ සමන්ත විද්‍යාරත්න මහතා එම විවාදයේ කථා බහද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන බව කීය.
අවශ්‍ය සාක්ෂි සහිතව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල කැදවූ විගස අදාල නීතිමය තත්වය අනුව අවශ්‍ය කටයුතු යොදන බවද විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.