දිවුරුම්පොල පුරාණ විහාරසථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කපා ලී ඉරුවේයැයි සැක පිට අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමියන් ඇතුළු සිවු දෙනා මැයි මස 16 වන දින දක්වා යලි රත්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැලිමඩ මහේස්ත්‍රත් අධිකරණයේ විනිසුරු චමින්ද රාමනායක මහතා අද නියෝග කලේය.
දිවුරුම්පොල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කපා ලී ඉරුවේ යැයි ප්‍රෙද්ශයේ දායකයින් විහාරස්ථානයට පැමින නොසන්සුන් කාරී ලෙස හැසිරීමත් සමග වැලිමඩ පොලිසිය මගින් විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු සිවු දෙනා අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණ.
( ප්‍රේමලාල් රත්නායක )