Home / Informations / ඔබ ඩේටා පැකේජ් එකක් ගන්නට පෙර සිතිය යුතු කරුණු 6ක්

ඔබ ඩේටා පැකේජ් එකක් ගන්නට පෙර සිතිය යුතු කරුණු 6ක්

ඉන්ටනෙට් පහසුකං නැති ගෙයක් දැන් හොයංගන්න අමාරැයි. අර කිසිවෙක් නොමළ ගෙයකින් අබ ඇට අහුරක් හොයාගන්නව වගේ වැඩක්. ඒත් දවසෙන් දවස වෙනස් වෙන අලුත් ඉන්ටර්නෙට් මාකටින් කියුං කෙරැං නිසා ඉන්ටනෙට් ඩේටා පැකේජ් අරගන්න තාමත් තියෙන්නෙ පුදුම ඉල්ලුමක්.

මේ ලියන්නෙ ඉන්ටනෙට් ඩේටා පැකේජ් ගන්න ගියාම, එතන ඉන්න ලස්සන නංගිලගෙන් සහ කඩවසම් අයියලගෙන් අහන්න ඕන දේවල්. ලස්සන නංගිල කඩවසම් අයියල ඉන්නෙ අහන්න එන ප්‍රශ්න අමතක කරවන්න. ඒ හින්දා මේ ටික අමතක වෙයි කියල හිතෙනවනං අනිවා මේ පේජ් එක ප්‍රින්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන්නෙ කෙලින්ම අහන්න තියෙන ප්‍රශ්න ටික. මේ ටික අහන්න අමතක වුනොත් අනිවා පස්සෙ අප්සට් වෙන්න වෙයි.

 

1. රීෆන්ඩ්

Refund

මුලින්ම අහන්න ඕන රීෆන්ඩ් එක ගැන තමයි. රිෆන්ඩ් කරන්නෙ මොනවගේ හේතු තිබ්බොත්ද? රීෆන්ඩ් ගැන අහද්දි අපි දැන් ඉන්න ගෙදරට සිග්නල් තියෙනවද කියල ඇසිය යුතුමයි. බොහෝදුරට තියෙනව කියයි. තිබ්බෙ නැත්තං රීෆන්ඩ් කරනවද? අකුණු ගැහුවොත්? බිම වැටුනොත්? කියන තරං ඉක්විප්මන්ට්ස් ගොඩකට කනෙක්ෂන් දෙන්නෙ නැත්තං මොකද කරන්නෙ? ආදී ඔළුවට එන හැම ප්‍ර‍ශ්නයක්ම අහන්න. පුළුවන්නං රෙකෝඩ් කරගන්න, ලියලම ඉල්ලගන්න.

 

2. ටෝටල් බිල්

Total

ඊලඟට වැදගත්ම දේ ටෝටල් බිල් හැදෙන්නෙ කොහොමද කියන එක. කවද ඉඳන් කවද වෙනකංද? කොච්චර ගිගාබයිට් ගානකටද මේ බිල හැදෙන්නෙ? වැට් බද්ද ඉන්කුලූඩ් වෙද්දි ගාන කීයක් වෙයිද? කොහෙන්ද ගෙවන්න පුලුවං?

 

3. පැකේජ් ඩීටේල්ස්

Package

පීක් ඕෆ් පීක් වෙන වෙලාවල්? ඒ ඒ වෙලාවට බෙදපු ඩේටා ගාන? තව හොඳ පැකේජස් තියෙනවද? මේ පැකේජ් එකට වෙනිං පැකේජ් එකක් ඇඩ් කරන්න පුළුවන්ද? බිල් ගෙවන්න පහුවුනොත් කනෙක්ෂන් කපන්නෙ කවදද? මේ පැකේජ් එක ගන්නකොට රවුටර් එකට ගාන කීයද? වෙනිං පැකේජ් වලදි රවුටර් එකේ ගාන වෙනස් වෙනවද?

 

4. කනෙක්ෂන් එක ගැන

Connection

විශේෂයෙන් සිග්නල් ස්ට්‍රෙන්ත් එක? හොඳටම සිග්නල් තියෙනවද? සාමාන්‍යයයිද? අඩුයිද? ලඟම සිග්නල් කණුව කොහෙද තියෙන්නෙ? ඉස්සරහට ඒ පැත්ත තව කවර් කරනවද?

 

5. එක්සස් යූසේජ්

Excess

දෙන GB ගාන පැන්නොත් කනෙක්ෂන් නවතිනවද? නැත්තං එක්සස් යූසේජ්වලට චාජ් වෙන්න ගන්නවද? ඒ චාජස් කොහොමද?යූසේජ් වැඩිවෙනකොට බලෙන්ම එක්සස් ඩේටා දෙනවද? බ්ලොක් කරනවද?

 

6. ඉදිරි අවශ්‍යතා

Further

වෙන පැකේජ් එකකට මාරැ වෙන්න ඕනවුනොත් මොකද කරන්නෙ? අමතර ගානක් ඇඩ් වෙනවද? ලියුම් ලියල ඉල්ලන්න ඕනද? කෝල් කරාම ඇතිද? සිග්නල් නැති වුනොත් ටෙක්නිකල් සපෝට් ගන්නෙ කොහොමද? ෆෝන් එකෙන් කියනවද? ටෙක්නිකල් සපෝට් එනවද? සෙනසුරාදා ඉරිදාටත් එනවද? කනෙක්ෂන් එක නවත්තන්න ඕන වුනාම මොකද කරන්න ඕන? රවුටර් එක රිටන් කරන්න ඕනද?
http://www.aniwa.lk

 

About badulla

Check Also

පළාත් 5 කට තද වැසි …

බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද(20) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *