ඌව පරණගම සිට වැලිමඩ දක්වා ධාවනය වූ ලොරි රථයක් රතඹ ප්‍රෙද්ශයේදී අනතුරකට ලක් වීමෙන් ලොරි රථයේ රියදුරු හා රිය සහයක සුළු තුවාල ලබා ඇත.
මාර්ගයෙන් ඉවතට පැන වෙල් යායකට පෙරලීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර ලොරි රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.
අනතුර සම්බන්ධව ඌව පරණගම පොලිසියේ රථ වාහන අංශය වැඩි දුර පරික්ෂණ සිදු කරති.