පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ
පොලීසිය පැවසුවේ, ඔහු අද පෙරවරුවේ බදුල්ල පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ය.
ප්‍රනාන්දුගේ ආධාරකරුවන්ගේ දේශපාලන ප්රචාරක කටයුතු නැවැත්වීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ නොවැම්බර් 11 වැනිදා බදුල්ලේදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. ආධාරකරුවන් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ජර්සියට සමාන ’10’ අංකය ඇතුළත් ටී ෂර්ට් පැළඳ සිටිනු දක්නට ලැබුණි.
මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ පොලිසිය මැදිහත් වී ප්‍රනාන්දුගේ ආධාරකරුවන්ගෙන් ටී ෂර්ට් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ඒවා වක්‍ර ප්රචාරක ක්‍රමයක් ලෙස සලකන බවයි.
ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය