බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් තිදෙනෙකු මත් පෙති පානය කර මත් වීම හේතුවෙන් ( සිහි මද තත්වයට) බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ.
පාසැල් වේලාව තුල මත් පෙති පානය කිරීම හේතුවෙන් මොවුන් මත්( සිහි මද තත්වයට) වී ඇති අතර ඉන් පසු ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත. මොවුන් සිහි මද තත්වයෙන් පෙලෙන නිසා සිද්ධිය සම්බන්ධව පරික්ෂණ කරන පොලිස් නිළධාරින්හට ප්‍රකාශ සටහන් කර ගැනීමට ද ගැටළු පැන නැගී ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලිසිය පරික්ෂණ සිදු කරති.
( ප්‍රේමලාල් රත්නායක )