මොනරාගල කොට්ඨාස දූෂණ මර්දනය ඒකකයට ලද තොරතුරක් මත බුත්තල යුදඟනාව ජනපදය ප්රදේශයේ පවත්වා ගෙන ගිය දේශීය තුවක්කු නිෂ්පාදන කම්මලක් වටලා තුවක්කු නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ වන යකඩ බට පහක්, තුවක්කු ලී මීට තුනක්, මැෂින් කොටස සෑදීමට යොදා ගන්නා යකඩ බට කිහිපයක් සහ තවත් උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත.
කම්මල පවත්වාගෙන ගිය 76 හැවිරිදි බුත්තල යුදඟනාව ජනපදයේ පදිංචි පදිංචිකරුවකුද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සහ නඩුභාණ්ඩ වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි දිවයින බඩල්කුඹුර ප්රාදේශිය වාර්තාකරු සදහන් කර තිබේ