වී වගාවට අත්‍යවශ්‍ය මඩ පොහොර හෙවත් ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36 දහසක් රැගත් නෞකාවක් ලබන 17 වැනිදාට කොළඹ වරායට පැමිණිමට නියමිත බව SLBC වෙබ් අඩවිය වාර්තා කර තිබේ
වී වගාවට අවශ්‍ය පොස්පරස් සහ පොටෑසියම් පොහොර මෙමගින් ලබාගත හැකිවනු ඇත. එම ඛණිජ ද්‍රව්‍ය පසුගිය කන්න කිහිපයකදි හිගවීම නිසා නියමිත අස්වැන්න ලබාගැනිමට නොහැකිවිය. මෙවර මහ කන්නයේ ගොයම් කහවීමේ රෝගයට ද එම ඌනතාව හේතු වු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම මඩ පොහොර මෙවර සමස්ත නිර්දේශිත ප්‍රමාණයම ගොවින්ට ලබාදිමට තීරණය කර තිබෙ. යල කන්නයේ වී වගා කළත් නොකළත් එහෙත් 2022/2023 මහ කන්නයේ වී වගා කළ ලක්ෂ 12 ක් පමණ වන සියලු ගොවීන්ට මඩ පොහොර ලබාදෙන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත මෙම මඩ පොහොර තොගය ලබාදී ඇත. කන්න 03 කට පසු වී වගාවට අවශ්‍ය සියලු රසායනික පොහොර මෙවර යල කන්නයේදි ගොවීන්ට ලබාදිමට සැලසුම් කර ඇත.