Home / Uncategorized / බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට

ඌව පළාත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානි සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට රෝහලේ බාහිර රෝගීන්ගේ අංශයේදී පිටස්තරින් පැමිණි පිරිසක් පහරදුන් බවට ඒ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි දිවයන වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ඔවුන් වයස අවුරුදු 20-25 පමණ වූ බදුල්ල කණුපැලැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකු බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

බදුල්ල කණුපැලැල්ල පදිංචි අවුරුදු 17 පමණ වූ වයසැති තරුණියක් ගෙළ වැලලාගෙන සිටියදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයාම සම්බන්ධයෙන් විශාල පිරිසක් පැමිණ ප්‍රශ්න කොට තමා සමග බහින්බස්වී පහර දුන් බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

රෝහලක් තුල පවතින තත්වය නිසි ලෙසින් තේරුම් නොගන්නා මෙවන් පිරිසක් රට හැම තැනම සිටිනන බවත් , හදිස්සි තත්වයක් තුලදි ඥාතින් කළ යුත්තේ රෝහල් කාර්ය මණ්ඩලයට සහය දිම මිස කලබල කිරිම නොවන බවද බදුල්ල රෝහල් කාර්ය මණ්ඩල නිළධාරියෙකු මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි කියා සිටියේය

 

About freddy

Check Also

බුත්තල ගම් රැසකට යළිත් අලි කරදර ….

බුත්තල ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාශයට අයත් ගෝනගං ආර හා කෝංකැටිය වසම්වල ගම් රැසකට නැවත වතාවක් වනඅලි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *