බදුල්ල තෙල්බැද්ද වත්තේ පදිංචි 16 හැවිරිදි පාසැල් සිසුවියක් වැසිකිළියක් තුලදී ශරීරයට ගිණි ඇවිළීම හේතුවෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.
ඊයේ (26 දා) පස්වරුවේ මෙම සිද්ධිය සිදුවී ඇති අතර මිය ගිය සිසුවියගේ දෙමාපියන් මෙම මරණය සැකසහිත බව ප්‍රකාශ කර ඇත. සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මේ වන විට ආරම්භ කර ඇත.
(ප්‍රේමලාල් රත්නායක )