පසුගිය දිනවල හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය නැරඹීමට පැමිණි ඇතැම් දේශීය සංචාරකයින් උද්‍යානය හා අවට ප්‍රෙද්ශය කැළි කසල බැහැර කර පරිසරය විනාශ කර තිබේ.
ලෝකාන්තයට හා හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට පිවිසුම් මාර්ග වන ඕහිය හා පට්ටිපොල මාර්ග දෙපස රක්ෂිතයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය හා හිස් මත් පැන් බදුන් බැහැර කර ඇති අයුරු දැක ගත හැකිය.
ඇතැම් සංචාරකයින් හෝර්ටන් තැන්න ඇතුලත ප්‍රෙව්ශ මාර්ගයේද රථ වාහන වලින් ගමන් කිරීමේදී පොලිතීන් උර සහ ප්ලාස්ටික් බදුන් බැහැර කර තිබේ.රථ ගාල අවටද තැනින් තැන හිස් ප්ලාස්ටික් බදුන් බැහැර කර ඇති අයුරු දැක ගත හැකිය.
සංචාරකයන් මෙම සුන්දර භූමියේ බැහැර කරනු ලබන පොලිතීන් අපද්‍රව්‍ය ඉවත් කිරීමට උද්‍යාන සේවකයින් දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දැක ගත හැකිය. නොදිරන අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ජාතික උද්‍යානයේ සැරි සරණ ගෝනුන් ආදී වන සතුන්ගේද පැවැත්මටද තර්ජනයක් වී ඇතැයි පරිසර වේදීහු පෙන්වා දෙති.
ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ