මේ දිනවල දිගටම පවතින වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම උපරිම මට්ටම දක්වා ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් මේ ආකාරයෙන් වර්ෂාව තවදුරටත් පැවතියහොත් ප්‍රධාන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ‍්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසීය.
ප්‍රධාන ජලාශ 73 න් 30 කට අධික ප්‍රමාණයක ජල ධාරිතාව 70%ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
ඊයේ (02) පස්වරුව වන විට ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කළ අතර එම ප්‍රදේශයට තවදුරටත් වැසි පැවතිය හොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.