නෝර්වුඩ් එළිබොඩ තේ වතු යායේ එළවළු කොරටුවක අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නෝර්වුඩ් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සමඟ මැණික් ගැරීමට උපයෝගි කර ගන්නා උපකරණ හා කූඩ ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරි බවත් ඉදිරි දිනයකදී හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවත් නෝර්වුඩ් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතා පැවසීය.
(දිනමිණ)