Home / Stories / එකම බසයෙන් ගිය ඇගළුම් සේවිකාවන් 18 කට කොවිඩ්

එකම බසයෙන් ගිය ඇගළුම් සේවිකාවන් 18 කට කොවිඩ්

covidහපුතලේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පිටරත්මලේ , තොටලාගල හා දඹේතැන්න  යන තේ වතු වල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව  පී.සී.ආර්. පරික්ෂණ වලදී අද (3) දා තහවුරු වූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

බලංගොඩ  , ඇගම් කම්හලක සේවයක කරන මේ පිරිස එකම බස් රථයකින් හපුතලේ සිටි බලංගොඩට ගමන්කර ඇති අතර  ඉකුත් 20 වැනිදා ඇගළුම් කම්හලේදී කරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී  මෙම බස්රථයේ ගමන්කළ  ඇගළුම් සේවිකාවකට කොවිඩ් 19 අසාදිත  බව තහවුරු වීමෙන් පසු  මෙම පරික්ෂාව සිදුකර  තිබේ .

මේ අනුව එම සේවිකාවන් 33 දෙනෙකු පී.සී.ආර් . පරීක්ෂණට ලක්කල බවත් ඉන් 18 දෙනෙක් ආසාධිතයන් බව හදුනාගත් බවත්  හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන්කළේය .

ඔවුන්ගේ  ආශ්‍රිතයන්ද  ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන තිබේ .

(ලංකාදී)

About freddy

Check Also

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *