Home / Uncategorized / අලි 6 දෙනෙකුගේ මෙහෙයුමකින් නිවසක් බිමට සමතලා වෙයි !

අලි 6 දෙනෙකුගේ මෙහෙයුමකින් නිවසක් බිමට සමතලා වෙයි !

අලි 4හල්දුම්මුල්ල කොස්ලන්ද නාඋල්ල නිවසකට අද  අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින්ම විනාශ වී පොළොවට සමතලා කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ අංශයේ ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මෙසේ වන අලි රෑනක් පැමිණ මුළුමනින්ම විනාශ කර දමා ඇත්තේ කොස්ලන්ද නාඋල්ල පී ඩී පේදිරික් ජයසේන නමැති 65 හැවිරිදි ගොවි මහතෙකුගේ නිවස බවද වැඩිදුරටත් එහි සදහන්ය

නිවසියන් ඥාති නිවසකට ගොස් සිටියදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇතැයිද වල්අලි 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ද ආපදා කළමනාකරණ අංශය සඳහන් කරයි.

අලින්ගෙන් ගම්වැසියන්ට සිදුවන කරදරවලට ස්ථිර සාර විසදුමක් දිමට පැවැති රජයන් සියල්ලම අපොහොසත්ව තිබේ. වත්මන් රජය පවා මේ ගැන දක්වන සැලකිල්ලේ මදකම නිසා හම්බන්තොට ප්‍රදේශයේ ජනයාට ඒ වෙනුවෙන් උපවාස පවා කරන්නට සිදුව තිබේ.
දුප්පත්කමින් බැට කන ජනයා දැන් අලි හමුවේ ජිවිත තර්ජන මැද දිනපතා දිවි ගෙවති.ඒ ජනයාගේ ඡන්දයෙන් පත්වු පාලකයන් අනතුරුක් නැතිව හැමදා සුවසේ නිදති සැපගනිති

About freddy

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *