මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා ඇත්තේ ඉදිරි සති කිපය තුල ලංකාවේ කොවිඩ් මරණ වැඩිවිම මෙන්ම ආසාදිතයන්ගේද වැඩිවිමක් අනිවාරයෙන් ම සිදුවිය හැකි බව කියමිනි.
එයට හේතුව ලෙස ඔහු අවධාරණය කර ඇත්තේ ජනතාවගේ වගකිම් විරහිත හැසිරිමයි.
මේ අතර මෙතෙක් වැඩිම රෝගින් සංඛ්‍යාවක් හමුවු කොළඹ දෙවන තැනට තබමින් ඊයේ දිනයේ වැඩිම රෝගින් වාර්තා වි තිබුනේ බදුලු දිස්ත්‍රික්කයෙනි.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 726ක් වාර්තා වී ඇති අතර එයින් පුද්ගලයන් 197ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන
ඉන් අනතුරුව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹින් වාර්තා වන අතර එම අගය 116කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 101ක් වාර්තා වී තිබේ. සෙසු රෝගීන් දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
අද උදෑසන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 68575ක් වන අතර එයින් පුද්ගලයන් 62593ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 351කි.