ඌව පළාතේ ඇතිවූ අධික වර්ෂාව නිසා සුන්දර රාවණා දිය ඇල්ලට මඩ සහිත ජලය මිශ්ර වී තිබේ.වෙනදා දකින සුදු පෙණ බුබුලු සහිත ඒ මනරම් බව වෙනුවට අද ඇත්තේ බොරු පැයෙන් වේගයෙන් ගලාහැලෙන රාවණා ඇල්ලයි.
මේ අතර ධාරානිපාත වර්ෂාවත් සමඟ දියලුම ඇල්ලේ දෙපස කන්දේ විශාල ගල් කිහිපයක් මාර්ගය මත වැටීමෙන් පසුගිය (4 )අලුයම සිට පැය කිහිපයක් එම මාර්ගය අවහිර වූ බව කොස්ලන්ද පොලීසිය කියයි.
ගල් කිහිපයක් කඩා වැටීමෙන් එම ස්ථානයේ කඩයකට ත්රිරෝද රථයකට සහ නිවසකට දැඩි හානි වූ බවත් එහි සිටි 6දෙනෙකුගේ ජීවිත අනූනවයෙන් බේරී ඇති බවත් හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ නිලධාරී වසන්ත කුමාර මහතා පැවසීය.
එම ස්ථානයේ එහා මෙහා යාමට සිටි උසස් පෙළ විභාග සඳහා යන අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන පරිදි කඩිනමින් ගල් කඩා ඉවත් කිරීමට පොලිසිය ආපදා කළමනාකරණ අංශ ප්රදේශවාසීන් සමඟ එක්ව පියවර ගෙන තිබුණි.
ඡායා-ප්රසන්න පත්මසිරි – ඩේලි මිරර්
වසන්ක කුමාර ගේ ෆේස් බුක් පිටුව