බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාවිල, ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කරමින් තර්ජනයක්ව සිටි ‘වලිග කොටා‘ නමින් හඳුන්වන තනි අලියා පෙරේදා (1) රාත්‍රි සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීහු සමත්ව තිබුණි
මෙම මෙහෙයුමට වනජීවී නිලධාරීන් 25කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර ඌව හා මධ්‍යම පළාත් නියෝජනය කරමින් පශු වෛද්‍යවරුන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ මේ මෙහෙයුම සිදුවිය.
මේ වන අලියා අනුරාධපුර හොරොව්වපතාන ප්‍රදේශයේ පිහිටි අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට නියමිත විය.
මුලාශ්‍රය -දිණමිණ