කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව සංචාරකයන් සදහා විවෘත නොවු දඹාන ආදිවාසී ගම්මානය අද (25) දින සිට යලි සංචාරකයන් සදහා විවෘත කල බව විශ්ව කිර්ති වනස්පතී වන්නිලා ඇත්තන් දෙස් විදෙස් සියලු දෙනා වෙත දැනුම්දෙන බවත් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ආදිවාසී ගම්මානය හා ආදිවාසී කෞතුකාගාරය වෙත පැමිණ නැරඹිමේ අවස්ථාව ලබාදී ඇති බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේය.
රටම කොරෝනා වසංගතයෙන් වෙලී යද්දී මහියංගණ, දඹාන ආදිවාසී ගම්මානය හා ආදිවාසී කෞතුකාගාරය පසුගිය මාර්තු මස 16 වන දින සිට සංචාරකයන් සදහා තහනම් කලාපයක් ලෙසද නම් කර වසා දැමීමට ආදිවාසී නායක වන්නිලා ඇත්තන් කටයුතු කරනු ලැබීය.

වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද උදැසන සෞඛ්‍ය නීතිරිති පිළිපදිමින් දඹාන ගම්මානය නැරඹිම සදහා පැමිණි සංචාරකයන් පිරිසක් සදහා ආදිවාසී ගම්මානය හා ආදිවාසී කෞතුකාගාරය විවෘත කරන ලදී.
ආදිවාසී චාරිත්‍රාණුකූලව “කිරි කොරහා“ ශාන්ති කර්මය සිදු කර රට, ලොවට කොරෝනා වසංගතයෙන් කඩිනමින් මිදිම සදහා එහිදී සෙත් ප්‍රාර්ථනා සිදු කරනු ලැබීය.
රංජිත් කරුණාජිව
ada.lk
ada.lk