මිල පහත වැටීම නිසා මොනරාගල දිස්ත්‍රික්කයේ දෙහි වගාකරුවන්ට දෙහි අස්වැන්න විකුණාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි පැවසේ. මේ වනවිට දෙහි කිලෝවක තොග මිල රුපියල් විස්සක් දක්වා පහත වැටී ඇත.
දෙහි විකුණා ලැබෙන මුදල,දෙහි අස්වැන්න නෙළීමට හා සතිපොළට රැගෙන ඒමට යන වියදම පියවා ගැනීමට නොහැකිවී ඇති බව ගොවීහු පවසති. මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල, මැදගම, බිබිල, සියඹලාණ්ඩුව හා මොනරාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල දෙහි වගාව බහුලව සිදුකෙරේ. මේ දිනවල සතිපොළවල තොග වෙළෙඳුන් දෙහි මිලදී ගැනීම පවා ප්‍රතික්ෂේප කරන අතර බොහෝ වෙළෙඳුන් දෙහි කිලෝවක් මිලදී ගන්නේ රුපියල් විස්සක් විසිපහක් අතර මිලකට බව පැවසේ.
රජය මැදිහත් වී දෙහිවලට සාධාරණ මිලක් ලබා දෙන්නැයි ගොවිහූ ඉල්ලා සිටිති.
මුලාශ්‍රය – දිණිමිණ
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...