කොස්ලන්ද සානුවේ නාය යෑමට ලක් වූ මීරියබැද්ද ප්‍රෙද්ශයේ ජනතාව වල් අලි උවදුරට ලක් වී තිබේ.
නාය ගිය ස්ථානයට ආසන්නයේ පිහිටි වතු පවුල් 15 ක ජනතාව මෙම උවදුරට ගොදුරු වී තිබේ. ප්‍රෙද්ශවාසීන් සදහන් කරන්නේ දිවා රාත්‍රි දෙකෙහිම පවතින මෙම උවදුර හේතුවෙන් තම දෛනික කටයුතු පවා කර ගැනීමට නොහැකි වී ඇති බවය. තම ප්‍රෙද්ශයට පැමිනෙන වල් අලින් මේ වන විට භව බෝග වලට මෙන්ම නිවාස වලටද හානි සිදු කර ඇතැයි ඔවුහු කියති. වල් අලින් නාය ගිය ප්‍රෙද්ශය අවට සැරි සරන බව ඔවුහු පවසයි.
මෙම වල් අලි උවදුර පිළිබදව බළධාරින් හට කොපමන දැනුම් කලද පිළිසරණක් නොවු බව ප්‍රෙද්ශවාසීහු කියති.
( ආර්.කෝගුලන් )