හොර වැඩට බහින බොහොමයක් දෙනා දැන් රඟන්නේ තමන් අහවල් ඇමතිගේ අහවලා බල කියමිනි.
එසේ කියන්නට හේතුවි ඇත්තේ මේ සමාජයේ දේශපාලකන්ට ලබා දි ඇති වැදගත්කම නිසාවෙනි.
මෙහි ඇති ඊළග අරුමය වන්නේ රජයේ ආයතනවල බහුතරයක් නිළධාරින් පවා දේශපාලකයන් ඉදිරියේ කොන්ද නමන බැවිනි .
මේ නිසාම ප්‍රබල දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු පිට සැඟව සිටි පුද්ගලයකු අද (7) දහවල් බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක් විසින් මීගහකිවුල ප්‍රදේශයේ දී සැකපිට කන්දකැටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා පිටස්තර ප්‍රදේශයකින් පැමිණ මීගහකිවුල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වයස අවුරුදු 45 ක පමණ පුද්ගලයකු බවට අනාවරණය වී ඇත.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් හා කන්දකැටිය පොලිසිය විසින් කාලයක් තිස්සේ සිදු කළ විමර්ශන කීපයකින් පසුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තුකරුවකු සිටින අතර තවත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කරන පුද්ගලයෙක් බව අනාවරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් හා කන්දකැටිය පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි..
මුලාශ්‍රය- ලංකාදිප වෙබ් අඩවිය