(1.45 pm ) ආදායම් උපයන ලංකාවේ හොඳම ලංගම ඩිපෝව වශයෙන් නමි දරා තිබූ හැටන් ලංගම ඩිපෝව ගත වූ දින 47 තුළ මහින්ද රාජපක්ෂ කල්ලිය විසින් බලහත්කාරයෙන් ඩිපෝවේ පාලන බලය ලබා ගැනීම නිසා එම කාලය තුළ ඩිපෝවේ ආදායම් තත්ත්වය රුපියල් එක්කෝටි හැට ලක්ෂය (රු. 16,600,000) දක්වා පහළ වැටී ඇති බව එම ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක රෝහණද සිල්වා මහතා පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීති විරෝධී ලෙස අගමැති ධුරයට පත් කරන ලද මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් වීමෙන් පසු හැටන් ලංගම ඩිපෝවේ කලින් පාලන සිදු කල නිලධාරින් මණ්ඩලය යලිත් ඩිපෝවේ පාලන බලය ලබාගෙන තිබේ. ඉන් පසු රෝහණද සිල්වා මහතා මේ බව අනාවරණය කරමින් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කර තිබේ.
ඔහු පැවසූවේ ඇති වූ දේශපාලන පෙරලියත් සමඟ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක් වූ එම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තරවරුන් පිරිසක් බලහත්කාරයෙන් ඩිපෝවේ පාලන බලය ලබා ගැනීමෙන් පසු දිනපතා ධාවනය වූ දුර සහ කෙටි දුර ධාවන බස් රථ 20ක් පමණ දිනපතා ධාවනයට එක් නොකිරීම හේතුවෙන් මෙම ආදායම් තත්ත්වය මෙසේ පහළ වැටී ඇති බවයි.
එම කාලය තුළ බස් රථ ධාවනය සඳහා රියදුරු සහ කොන්දොස්තරවරුන් නොමැති වීමත්, අවිධිමත් පරිපාලනයත් නිසා මෙම ආදායම් තත්ත්වය පහත වැටී ඇති බවත්, පසුගිය දින 30 තුළ ඩිපෝවේ පරිපාලනය සිදු කළ රියදුරු කොන්දොස්තරවරු සහ ඔවුන්ට හිතවත් යැයි පැවසෙන සේවකයන් පිරිසකගේ අතිකාල දීමනා පමණක් ගෙවීමට ඩිපෝව සතු රුපියල් ලක්ෂ 08ක මුදලක් වැය කර ඇතැයිද ඔහු අනාවරණය කළේ ය.
තවද එම ඩිපෝව සතු අලුතින් මිල දී ගත් බස් රථයක් අනතුරට පත් කර විශාල පාඩුවක් සිදු කර ඇති බවත් ඩිපෝව සතු වෑන් රථය නිසි ලෙස නඩත්තු නොකර ධාවනය කිරීම හේතුවෙන් එම වෑන් රථයේ එන්ජිම ක්‍රියා විරහිත වීමෙන් එම වෑන් රථය අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 03ක පමණ අමතර වියදමක් දැරීමට ඩිපෝවට සිදු වී ඇති බවත් ඩිපෝ පරීක්ෂකවරයා කියා සිටියි.
lankatruth.com