Home / Stories / ජනපති ඝාතන කුමන්ත්‍රණ කථාව පුස්සක්

ජනපති ඝාතන කුමන්ත්‍රණ කථාව පුස්සක්

sirisena-namalජනපති හා හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්දයෙන් නාමල් කුමාර නැමැති පුද්ගලයා ඉදිරිපත් කල කරුණු සම්බන්දයෙන් මෙතෙක් පිළිගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමිනි.
මේ සම්බන්දයෙන් මාස 3කට වැඩි කාලයක් තිස්සේ පරීක්ෂණ පැවැති බවත් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඝාතන කුමන්ත්‍රණයක් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට එරෙහි ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී නැති බවද ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

මේ සිදුවීම සම්බන්දයෙන් පසුගිය දිනකදී “ලංකා” පුවත්පත් අනාවරණය කර සිටියේ මෙම සිදුවීමට අදාළව ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට සාක්ෂි මැවීමේ උත්සාහයක් ඇති බවත් ඒ පාර්ශවයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවත් ය.

ඔක්තෝබර් 26 වනදා ජනාධිපතිවරයා මූළික වූ දේශපාලන කුමන්ත්‍රණයට ප්‍රධාන හේතුවක් වශයෙන් ඔහු සදහන් කර සිටියේ තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දැරීම එම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් බවයි.

About mithilaya

Check Also

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *