Home / Stories / පසුගිය මාස 11 තුල මාර්ග අනතුරු වලින් 2590ක් ජීවිතක්ෂයට

පසුගිය මාස 11 තුල මාර්ග අනතුරු වලින් 2590ක් ජීවිතක්ෂයට

accident-1-1

පසුගිය මාස 11 තුලදී පමණක් මාර්ග අනතුරු 2481 හේතුවෙන් පුද්ගලයන් 2590 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව පවසයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සදහන් කර සිටියේ යතුරු පැදි හා පදිකයන් අතර සිදුවන අනතුරු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. එහිදී යතුරු පැදි අනතුරු වලින් පුද්ගලයන් 1011ක් හා පදිකයන් 792ක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙවැනි අනතුරු වැඩිවීමට හේතු වී ඇත්තේ අධික වේගය,මාර්ග නීති පිළිනොපැදීම,අපරික්ෂාකාරී ලෙස වාහන පසුකර යාමට දරන උත්සාහයන්  බව වෛද්‍ය කෝදාගොඩ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

මේවන විට වාර්ථාවන අන්දමට සෑම දිනකම පුද්ගලයන් 8 දෙනෙකු මිය යන අතර පුද්ගලයන් 20 දෙනෙකු සදාකාලික ආබාධිත තත්වයට පත්වන බවද එම අවස්ථාවේදී පෙන්වා දෙනු ලැබිණි.

 

About mithilaya

Check Also

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *