සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලිවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කල පුද්ගලික අයදුම්කරුවෙකු හා ඔහුට පිළිතුරු එවූ උපකාරක පන්ති ගුරුවරියක ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අයදුම්කරු බලන්ගොඩ දෙපැලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකාර ගුරුවරිය බලන්ගොඩ රාස්සගල පදිංචිකාරියක් වනබව පොලිසිය පවසයි.