ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන්,අතුරු වෛද්‍යවරුන්,හෙද නිලධාරීන්,පරිපූරක හා කනිෂ්ඨ කාර්යමණ්ඩලයට මේ වසරේ නොවැම්බර් මාසයේදී අතිකාල දීමනා නොගවෙීම හේතුවෙන් සියළුම රෝහල් වල සෞඛ්‍ය නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවී ඇතැයි වාර්ථා වෙයි.
ඌව පළාත් සභාවේ පළාත් භාණ්ඩාගාරයෙන් මෙම අතිකාල දීමනා ගෙවීම සදහා මුදල් ලබාදී නැති බවත් මාසික වැටුප් ගෙවීම සදහා පමණක් මුදල් ලබාදී ඇති බවත් වාර්ථාවන අතර දෙසැම්බර් මාසය සදහාවන අතිකාල දීමන ගෙවීම සදහාද ඌව පළාත් සභාවේ පළාත් භාණ්ඩාගාරය සතුව මුදල් නොමැති බවද වාර්ථා වෙයි.
මේ ආකාරයෙන් අතිකාල දීමනා නොගෙවන්නේ නම් සියළුම සෞඛ්‍ය සේවකයන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එලඹීමේ සූදානමක් ඇති අතර එසේ වුවහොත් ඌව පළාත තු සියළුම රොහල් කටයුතු අඩපණ වනු ඇත.