බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ තෙවන කාර්තුවේ පොලිස් නිළධාරින් ඇගයීම හා ත්‍යාග ප්‍රධානෝත්සවය වැලිමඩ බොරගස් සෝපානා හෝටලයේදී පැවැත්වින.
මේ වර්ෂයේ තුන්වන කාර්තුවේ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන 11 ක විවිධ අංශවලින් දක්ෂතා දැක්වු නිළධාරින් මෙහිදී ඇගයීමට ලක්විය. මෙම උත්සවයේදී අදහස් දැක්වු බණ්ඩාරවෙල කොට්ඨාශ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා කියා සිටියේ මේ වර්ෂයේ කාර්තු තුන තුල බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 11 පොලිස් නිළධාරින් සදහා ලක්ෂ 67 ක ත්‍යාග මුදල් පිරිනමා ඇති බවය.
මෙම අවස්තාවට බදුල්ල හා මොණරාගල භාර නියෝජ්‍ය පොලිස් පති ජගත් පලිහක්කාර , බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරි වරුන් වන ගුණවර්ධන හා රාජපක්ෂ යන නිළධාරින්ද එක්ව සිටියහ.
බණ්ඩාරවෙල කොට්ඨාශභාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මෙහෙයවිමෙන් වැලිමඩ පොලිසියේ නිළධාරින් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබින.