දියතලාව ප්‍රාදේශීය සභාවේ කිසිදු අනුමැතියකින් තොරව නිවසකට ආසන්නව පහළින් පිහිටි ඉඩමකට පස් පුරවා ගොඩනැගිල්ලක් ඉදි කිරීම හේතුවෙන් මෙම ගමේ නිවාස අසලින් යන සියලුම කාණු පද්ධති අවහිර වී ඇත.
මෙම හේතුව නිසාවෙන් මෙම ගම්මානයේ පහළින් පිහිටා ඇති සියලුම නිවාස දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අතර දැඩි ලෙස එම ඉඩමට යාබදව පිහිටි ඉඩම දැඩි වර්ෂා සමයදි අඩි 1 හමාරක් පමණ යුත් ජලයකින් යට වීම සහ එම නිවෙස් වල බිත්ති ඉරි තලා ගොස් තිබෙන නිසාවෙන් නිවස තුළ වෙසෙන්නට වාසය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත…..
මෙහෙදි දැඩි තර්ජනයකට ලක්ව තිබෙන ඊට යාබද ඉඩමේ නිවෙස් හිමියන් පවසන්නේ ” මුල් ආරම්භයේ සිටම මීට වසර දෙකක පමණ කාලයක් තිස්සේ මෙම ගම්මානය මුහුණ දි තිබෙන ගැටලුව පිළිබඳ ප්‍රාදේශීය සභාවට වාර්තා කළද මේ වන විටත් මෙම ගැටලුවට නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි…
ඡායා සහ සටහන – හසිනි මන්දාකිණි
Check Also
උත්සව සමය වෙනුවෙන් කොළඹ සිට බදුල්ලට විශේෂ දුම්රිය සේවාවක්
එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවත් කොළඹ කොටුව හා බදුල්ල අතර ආරම්භ වී තිබේ. ...