දේශිය අර්තාපල් අස්වනු රජය මැදිහත්වී මිලදි ගැනිම මේ වන විට ආරම්භවී තිබේ.
වැලිමඩ , ඌව පරණගම ආදී ප්‍රදේශවල මධ්‍යස්ථාන රැසකදී දිනකට මෙට්ට්‍රික් ටොන් 200 ක් පමණ මිලදි ගනී. වෙළද හා සමුපකාර අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා පාරිභෝගක සමුපකාර සංගමය ඔස්සේ ගොවින්ගෙන් අර්තාපල් කිලෝවක් මිලදි ගනු ලබන්නේ රු 92 ක ඉහල මිලකටය.
අර්තාපල් මිලදි ගන්නා ආකාර පිළිබදව සොයා බැලිමට කම්කරු හා වෘත්තිය සමිති සබධතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාද මිලදි ගන්නා ස්ථානවල කටයුතු සොයා බැලිමට නිරික්ෂණයක යෙදුනේය. මෙම අවස්තාවට වැලිමඩ ප්‍රාදේශිය සභාවේ උප සභාපතිනි සීතා සමරවිර මහත්මියද එක්ව සිටියහ.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ මෙම මිලදි ගැනීම් දිගටම සිදුවන බවත් ඉදිරියේදී පෞද්ගලික සමාගම්ද මෙම දේශිය අර්තාපල් අස්වනු ඉහල මිලකට මිලදි ගැනිමට ඉදිරිපත් වන බවය. තවද රජය අර්තාපල් අස්වනු මිලදි ගැනිම හේතුවෙන් අතර මැදියාගෙන් දේශිය අර්තාපල් ගොවියා රැක ගැනිමට හැකිවු බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.