Home / Stories / බදුල්ලේ සංවර්ධනයට මේ වසරේ ව්‍යාපෘති 1707 ක්

බදුල්ලේ සංවර්ධනයට මේ වසරේ ව්‍යාපෘති 1707 ක්

6251bcb30fce3476a11e2db4f7d90fa0_L


රජය මඟින් ක්‍රියාවට නංවා ඇති විවිධ වැඩසටහන් යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා මෙම වසර තුළ  සංවර්ධන ව්‍යාපෘති 1707 ක් ක්‍රියාත්මක කෙරේ.

ජාතික පරිසර වැඩසටහන, විමධ්‍යගත අරමුදල්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ග්‍රාම ශක්ති වැඩසටහන, විහාරස්ථාන ප්‍ර‍තිසංස්කරණය, සුඛිත පුරවර, ජාතික වකුගඩු රෝග නිවාරණය, ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය, මත්ද්‍ර‍ව්‍ය නිවාරණ වැඩසටහන්, අවිච්ඡේද ව්‍යාපෘති, වතු ප්‍ර‍ජාවගේ ජීවන තත්වය නැංවීමේ දැනුවත් කිරීම්, ලෝක ආහාර වැඩසටහන, ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනය, ක්‍රීඩා පිටි සංවර්ධනය, නිල නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීම්, කිතුල් සංවර්ධන සහ සාම්ප්‍ර‍දායික හස්ත කර්මාන්ත සංවර්ධනය වැනි විෂයයන් රැසක් යටතේ මෙම සංවර්ධන කටයුතු දියත් කොට තිබේ.
ඒ ඒ වැඩසටහන් යටතේ මේ සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් 429 714 346.00 ක් වන අතර මෙම ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 1100 ක පමණ කටයුතු මේ වන විට අවසන්ව ඇත.
news.lk

About freddy

Check Also

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *