වැඩි වැටුප් ,නිල වාහන , විදෙස් සංචාර ආදි වරප්රසාද හා පෞද්ගලික වාසි සදහා පමණක් කතා කරන හඩ නගන ජනතා නියෝජිතයින් බහුතරයක් සිටින රටක ජනතා සේවය වෙනුවෙන් කැපවුන මන්ත්රි කන්ඩායමක් පිළිබදව වැලිමඩ ප්රාදේශිය සභා බල ප්රදේශයෙන් වාර්තා වේ.
වැලිමඩ මූලික රෝහල වෙත ගමන් ගැනීමට වැලිමඩ නගරයේ සිට ඇති මාර්ගය නිසි නඩත්තුවක් නොමැති විම නිසා කලක පටන් කැලෑ වැවී ජනතාවට මෙන්ම එම මාර්ගයේ ගමන් ගන්නා ගිලන් රථ හා වාහන වලට අපහසුතාවන් රැසකට මුහුණ දීමට සිදුවිය.
මේ පිළිබදව වැලිමඩ ප්රාදේශිය සභා මාසික රැස්වීම් වලදී ශ්රි ලංකා පොදුජන පෙරමුනේ මන්ත්රි වරු හඩක් නැගුවද සභාවෙන් මෙම මාර්ගය ජනතාවට පහසු ආකාරයෙන් සකසා ගැනිමට වැඩපිළිවෙලක් සකස් කර දීම සභාවේ අවධානය යොමු නොවින.
පොදුජන පෙරමුනේ මන්ත්රි කන්ඩායම අවසානයේ තීරණය කලේ ජනතා සේවය සදහා පාරට බැසීමය. ඔවුන් පසුගිය පොහොය දින තම ශ්රමයෙන් මෙම රෝහල් මාර්ගයේ කැලෑ කපා ජනතවාට පහසු ආකාරයෙන් සැකසීමට කටයුතු කලේය. ජනතාව වෙනුවෙන් පත්වු තමන් මින් ඉදිරියට ප්රාදේශිය සභාවෙන් ඉටු නොවන ජනතා සේවාවන් තම ශ්රමයෙන් හෝ ඉටු කර දිමට කටයුතු කරන බව පොදුජන පෙරමුනේ වැලිමඩ කණ්ඩායම් නායක ඉංදික සම්පත් ජයසුන්දර මහතා පැවසිය.