Home / Uncategorized / හාමුදුරුවරු රවටා මුදල් ගැරූ අම්මයි දුවයි දැලේ ( photos )

හාමුදුරුවරු රවටා මුදල් ගැරූ අම්මයි දුවයි දැලේ ( photos )

දිවයිනේ විවිධ ප්‍රදේශවල බැංකු නිළධාරිනියක ලෙස පෙනී සිටිමින් විහාරස්ථාන රැසක හිමිවරුන් රවටා ලක්ෂ ගණනක් මුදල් වංචා කල මවක සහ දියණියක වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත වැලිමඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන පනස් තුන් හැවිරිදි මවක සහ දහනව හැවිරිදි දියණිය විහාරස්ථානවලට ගොස් මෙම වංචාව සිදුකර තිබේ. මහ බැංකුවේ විඝණන අංශයේ ප්‍රධානියා ලෙස පෙනි සිටඇති 53 හාවිරිදි සැක කාරිය මහ බැංකුව මගින් විහාරස්ථාන සදහා මිලියන ගණන් මුදල් ලබා දෙන බව පවසා එහි මූලික ලියවිළි සැකසිම සදහා යන මූලික වියදම ලෙස මෙසේ ලක්ෂ ගණන් මුදල් විහාරස්ථානවල හිමිවරුන් රවටා ලබා ගෙන තිබේ.

මෙහිදී සැකකාර කාන්තාව හිමිවරුන්ට පවසා ඇත්තේ මෙම මුදල් විහාරස්ථාන සදහා ලබා ගැනිමට අවශ්‍ය මුදල් ලබා දිමට ලියකියවිළි සැකසීමට අවශ්‍යයැයි කියමින් රුපියල් ලක්ෂ ගනනින් මුදල් ලබා ගෙන ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදි හෙලිව තිබේ. අනතුරුව මුදල් ලබා ගත් පසු අදාල සැකකාර කාන්තාව තම 19 හැවිරිදි සුරූපි දියණිය යොදවා සමාජ ජල උපයෝගි කර ගනිමින් විවිධ බලපෑම් සිදු කර තිබේ. පසුව හිමිවරු පොරොන්දු වු ආධාර මුදල් නොලැබුණු නිසා අදාල කාන්තාවට ලබා දුන් මුදල් ඇයගෙන් ඉල්ලා තිබේ. මෙහිදි මෙම සැකකාර කාන්තාව ඇතැමි හිමිවරුන් මග හැර ඇති අතර එම හිමිවරුන් මේ වන විට වැලිමඩ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරමින් සිටි. තවත් හිමිවරුන් හට ජංගම දුරකථන සංවාද හා සමාජ ජාල සංවාද මුදල් ඉල්ලුවහොත් මුදා හරින බවට පවසා බිය වද්දා තිබේ.

මෙහිදී ජංගම දුරකථන හයක් , බැංකු පාස් පොත් , ක්‍රෙඩිට් කාඩ්, හා බැංකු කාඩ් විශාල ප්‍රමාණයක්ද පොලිසිය විසින් මොවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබේ. එමෙන්ම මොවුන් මේ සදහා මහනුවර ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක් සහ එහි රියදුරාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව බන්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් පොලිස් පරික්ෂක නිශාන්ත ගුණතිලක , අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අබේරත්න , පොලිස් කොස්තාපල් වරුන් වන 1751 ප්‍රේමලාල් , 39463 චන්දන , කාන්තා පොලිස් කොස්තාපල් 6121 වජිරා ඇතුළු වැලිමඩ පොලිසියේ නිළධාරින් පිරිසක් වැඩි දුර විමර්ශණ සිදුකරති.

44

8

7

6

5

1

2

3

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *