වැලිමඩ කැප්පෙටිපොල ප්රදේශයේදී දීර්ඝ කාලයක් තරුණයන් ඉලක්ක කර ගෙන ගංජා අලෙවි කල පුද්ගලයෙකු ගංජා තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
35 හැවිරිදි සැකකරු කැප්පෙටිපොල ප්රදේශයේම පදිංචි කරුවෙකි.
මෙහිදී සැකකරු ලග තිබී අලෙවියට සකස් කරන ලද කේරළ ගංජා පැකැට් 60 ක් ඇතුළුව රුපියල් 180000 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් හසුව තිබේ.
වැලිමඩ පොලිසිය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.