මේ වන විට ප්රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය දුරුවී යහපත් කාලයක් උදා වේවායි ප්රාර්ථනා කරමින් සති පිරිත් දේශනාවක් වංගියකුඹුර ශ්රි සුභද්රාරා විහාරස්ථානයේදී ආරම්භ කර තිබේ.
වංගියකුඹුර ශ්රි සුභද්රාරා විහාරස්ථානයේ විහාරාධිපති ඌව උඩුකිද අමරපුර නිකායේ අධිකරණ සංඝනායක පස්සර සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි බඹරපනේ ධම්මාලෝක හිමියන්ගේ උපදෙස් පරිදි වැලිමඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි වංගියකුඹුර සමිත හිමියන්ගේ මූලිකත්වයෙන් එම විහාරස්ථානයේ වැඩ වසන ස්වාමින් වහන්සේලා හා විහාරස්ථ දායක සභාව මගින් මෙම පිංකම සංවිධානය කර තිබේ.
නැදුන්ගමුව ශ්රි ජයසුමනාරාමාධිකාරි විචිත්ර භාණක මාලේගෙදර උපරතන හිමියන්ගේ මූලිකත්වයෙන් පිරිත් දේශණාව සිදු කරන අතර පිරිත් දේශනා කිරීම සදහා ප්රදේශයේ විහාරස්ථාන රැසක ස්වාමින් වහන්සේලා වැඩම කර තිබේ.
මැයි මස 21 දින සිට මැයි මස 28 වෙනි දින දක්වා මෙම පිරිත් දේශනාව සිදු කෙරේ.
( මංජුල සමින්ද / සිසිර රංජිත් )