වැලිමඩ නුවරඑළිය මාර්ගයේ රේන්දපොල ප්‍රෙද්ශයේදී බස් රථයකට නැගීමට මාර්ගය අසල සිටි කාන්තාවක් කුඩා ලොරි රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ බොරගස් කෝවිල් කන්ද ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 62 ක කාන්තාවක් වන අතර තුවාල කාරිය නුවරඑළිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
ලොරි රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබදව වැලිමඩ පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරති.