Home / Uncategorized / ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ධූරය ලබා ගැනිම සදහා මේ වන විට සිතල යුද්ධයක් ආරම්භව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඡන්ද 2136 ක් ලබා ගනිමින් ඔවුන්හට මෙම මන්ත්‍රිධුරය හිමිවු අතර මෙම මන්ත්‍රි ධූරය ලබා ගැනිමට අතිරේක ලැයිස්තුවෙන් ඉදිරිපත්වු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු දෙදෙනෙකු සහ මෙවර තරගයට පත්ව පරාජයට පත්වු අපේක්ෂකයන් දෙදෙනෙකු අතර මෙසේ තරගයක් ඇතිවි ඇතැයි කියවේ.

තරග කර පරාජයට පත්වු අපේක්ෂකයන් දෙදෙනා පවසා ඇත්තේ තම කණ්ඩායමට ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් අඩකටත් වඩා ඔවුන් දෙදෙනා ලබා ගෙන ඇති බැවින් තම පක්ෂයේ මන්ත්‍රිධූරය ඔවුන් දෙදෙනාගෙන්ප එක් අයෙකුට හිමිවිය යුතු බවය.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *