පසුගියදා මහත් කථා බහට ලක් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රාවණා ගුහාවේ සිහිමුර්ජා වී සිටින රාවනා රජු නැගිට්ට වීමට සූදානම් බව කියන පිරිසට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසනවා.
මේ සදහා අවශ්‍ය පහසුකම් සහ මේ ස්ථානය පිළිබදව තම අමාත්‍යාංශය හරහා සොයා බැලීමට අවශ්‍ය පහසුකම් සපයන බවත් අමාත්‍ය වරයා අද ජාතික පුවත්පතකට ප්‍රකාශ කර සිටිනවා. අදාල පුද්ගලයන් සමග දුරකථනයෙන්ද සම්බන්ධ වී ඇති අමාත්‍ය වරයා තමන්ද ඉදිරියේදී ඒ ගමනට එක්වන බව සදහන් කර තිබේ.
මේ සදහා අවශ්‍ය වේලාව හා දිනය පමනක් තමන් හට දන්වන ලෙසද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.
( ප්‍රේමලාල් රත්නායක )