දීර්ග කාලයක් තිස්සේ වැලිමඩ ප්රදේශයට හෙරොයින් අලෙවි කල කාන්තාවක් වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාල සැකකාරියගේ වැලිමඩ නියදගලපතන ප්රදේශයේ නිවස පරික්ෂා කිරීමේදි මුලින් පැකැට් 16 ක අසුරා තිබු හෙරොයින් මිලිග්රෑම් 2450 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
දෙදරු මවක් වන අදාල සැකකාරියගෙන් පොලිසිය කල ප්රශ්ණ කිරීමේදි මෙම ජාවාරම සදහා ඇගේ ස්වාමියා සහ සහෝදරයාද මේ සදහා සම්බන්ධ බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබේ. එම තොරතුරු අනුව කල වැඩිදුර විමර්ශනයේදි වැලිමඩ රෝහල පාරේදි ඇගේ 44 හැවිරිදි ඇගේ සොහොයුරා හෙරොයින් මිලිග්රෑම් දස දහසක් සමග අත්අඩංගුවට ගැනීමටද වැලිමඩ පොලිසිය සමත්ව තිබේ.
අදාල සැකකරු කොළඹ සිට රැගෙන එන හෙරොයින් පැකැට් කර වැලිමඩ , නුවරඑළිය ආදී ප්රදේශවලදී ඊසි කෑෂ් ක්රමයට අලෙවි කර ඇතිබවද පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත. මේ වන විට රැදවුම් නියෝග මත පොලිසියේ රදවා ගෙන වැඩිදුර ප්රශ්ණ කිරීම් සිදු කරති.
බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාර සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්. හේරත් මහතාගේ මුලිකත්වයෙන් වැඩි දුර පරික්ෂණ සිදු කරති.