නුවරඑළිය නගරයේ සිට බදුල්ල දක්වා සුකෝපභෝගී බස් රථ සදහා අත්තනෝමතික ලෙස ඌව පළාත් සභාව මගින් ධාවන බලපත්ර ලබා දීමට එරෙහිව කැප්පෙටිපොල ලංගම ඩිපෝවේ සේවකයින් අද දැවැන්ත පා ගමනක හා විරෝධතාවයක නිරත විය.
කැප්පෙටිපොල ඩිපෝව අසලින් ඇරඹි විරෝධතා පෙලපාලිය කිලෝමීටර් 6 ක දුරක් ගෙවා වැලිමඩ ප්රධාන බස් නැවතුම් පොල වෙත පැමිණියහ. අනතුරුව ප්රදේශයේ පෞද්ගලික බස් රථ සේවකයින් හා බස් රථ හිමියන්ද මෙම විරෝධතාවයට එක්විය.
වැලිමඩ ප්රධාන බස් නැවතුම් පොලේදී සටන් පාඨ රැගෙන විරෝධතාවයේ නිරත විය. වැලිමඩ නගරයේ සිට ගමන් ආරම්භ කරන සියළුම ලංගම හා පෞද්ගලික බස් රථ දින දෙකක් තිස්සේ මෙම වර්ජනයේ නිරත වන බැවින් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටී.